නැගෙනහිර මාර්ගයේ කොටසක් යළි දුම්රිය ධාවනය සඳහා විවෘත කර තිබේ.
අයහපත් කාලගුණයෙන් සිදු වූ බලපෑම හේතුවෙන් දින 19 කට පසුවයි මෙලෙස මෙම මාර්ගය දුම්රිය ධාවනය සඳහා විවෘත කර ඇත්තේ.
ඒ අනුව ත්රිකුණාමලයේ සිට කොළඹ දක්වා භාණ්ඩ ප්රවාහන දුම්රිය සඳහා පමණක් එම මාර්ගය විවෘත කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසවේ.
මගී ප්රවාහන දුම්රිය සඳහා මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.
–

