ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120ක හදිසි ආධාරයක්

ලෝක බැංකුව විසින් හදිසි ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන120ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට තීරණය කර තිබෙනවා.

රජයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ‘දිට්වා’ හේතුවෙන් හානියට පත් ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ සහන කටයුතුවලට සහාය වීම සඳහා‍ මෙම ආධාරය ලබා දීමට නියමිතයි.

මෙම හදිසි ආධාරය, ආපදාවෙන් විපතට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහයෝගයක් දැක්වීම අරමුණු කරගෙන ලබාදෙන බවයි ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ.