රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් මේ වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (16) දිනයේ සිට ආරම්භ වනවා,
තෙවන පාසල් වාරයේ දෙවන අදියර පසුගිය දෙසැම්බර් මස 8 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භ කිරීමේ කාලය අද දිනය දක්වා කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරනු ලැබුවා.
ඒ අනුව තෙවන වාරයේ දෙවන අදියර අද දිනයේ සිට ලබන 22 වන සඳුදා තෙක් පැවැත්වීමට නියමිත අතර 23 වන දින සිට 28 වන දින දක්වා පාසල් නිවාඩු ලබා දෙනවා.
තෙවන පාසල් වාරයේ තෙවන අදියර දෙසැම්බර් 29 වන දින සිට දෙසැම්බර් 31 දින තෙක් පැවැත්වීමට නියමිත අතර 2026 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වාරය ජනවාරි මස පළමුවන සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
එසේම 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සඳහා විභාග පැවැත්වීමට ජනවාරි මස 10 වන දින සිට 20 වන දින තෙක් පාසල් නිවාඩු ලබා දෙනවා.
2026 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි මස 21 වන දින සිට පෙබරවාරි මස 13 වන දින තෙක් පැවැත්වෙන අතර පෙබරවාරි 14 වන දින සිට මාර්තු මස 2 වන දින දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් නිවාඩු ලබාදීමට නියමිතය.
කෙසේවෙතත් අද දිනයේ ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් ආරම්භ වන්නේ නැහැ.

