ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක ලෙස පහළ ගොස් තිබෙනවා.
අද උදෑසන නගරය පුරා මීදුම දක්නට ලැබී ඇති අතර එය රථවාහන සහ ගුවන්යානා ගමනාගමනයට ද බාධා එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.
පෙනහළු අවහිර කළ හැකි සියුම් අංශු ද්‍රව්‍ය සහ අනෙකුත් දූෂක මනින නගරයේ වායු ගුණාත්මක දර්ශකය (AQI) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද සීමාවට වඩා 30 ගුණයකට වඩා වැඩි අගයකයි අද සටහන් ව ඇත්තේ.
මෙම මට්ටමේ දූෂණයට නිරාවරණය වීමෙන් බරපතල සෞඛ්‍ය ගැටළු ඇති විය හැක.
මේ හේතුවෙන් පාසල් වලට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පන්ති පවත්වාගෙන යන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.
එසේම පැරණි ඩීසල් ට්‍රක් රථ දිල්ලියට ඇතුළුවීම තහනම් කර ඇති අතර ඉදිකිරීම් කටයුතු ද තාවකාලිකව නතර කර ඇති බවයි වාර්තා වෙන්නේ.

