දිට්වා නිසා ලංවිමට මිලියන 20,000ක පාඩුවක්

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 20,000ක පාඩුවක් සිදුව තිබෙනවා.

මේ වන විට බිඳ වැටුණු විදුලිය සැපයුමෙන් 99% ක්ම යථා තත්ත්වයට පත්කර ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත සදහන් කළේ.

එසේම නිවාස අහිමිවූ විදුලි පාරිභෝගිකයින් පිරිසක් සිටින බව ද, ඔහු සඳහන් කළේ ය.

බිඳ වැටුණු සියලු සම්ප්‍රේෂණ පද්ධති ද, මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ.

ආපදා හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීම් ලක්ෂ 41 ක් වාර්තා වී තිබුණු බවයි සඳහන් වෙන්නේ.