ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති වීමේ අවදානමක් ඇත.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.