දෙසැම්බර් මුල් දින අටට සංචාරකයින් 50,222ක් දිවයිනට

දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 50,222ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා.

මෙම කාලය තුල දී ඉන්දියාවෙන් සංචාරකයින් 10,453ක් පැමිණ ඇති අතර එය 21.0%ක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවල දැක්වෙන්නේ.

තවද, රුසියාවෙන් 5,420ක්, ජර්මනියෙන් 4,822ක්, එක්සත් රාජධානියෙන් 3,823ක්, චීනයෙන් 2,627ක් සහ ඔස්ට්‍රේලියා ජාතිකයින් 2,594 ක් ද මෙම කාලය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව මේ සමඟම 2025 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 08 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2,153,815ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.