අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු රට බවට ඕස්ට්‍රේලියාව පත් වී තිබෙනවා.
ඒ අනුව TikTok, Instagram සහ Facebook මෙන්ම YouTube ද මෙලෙස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා අද සිට නිල වශයෙන් තහනම් වෙනු ඇත.
ප්‍රධාන සමාජ මාධ්‍ය 10කට අවුරුදු 16ට වඩා අඩු ගිණුම් අවහිර කරන ලෙස එරට රජය නියෝග කර ඇති අතර එයට එකඟ නොවන්නේ නම් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5ක දඩයක් පැනවීමට නියෝග කර තිබෙනවා.
ඕස්ට්‍ර්ලියානු රජයේ මෙම පියවර ප්‍රධාන තාක්ෂණ සමාගම් සහ නිදහස් භාෂණයේ උපදේශකයින්ගෙන් විවේචනයට ලක් වූ නමුත් බොහෝ දෙමාපියන් සහ ළමා උපදේශකයින් විසින් ධනාත්මක ලෙස පිළිගෙන තිබෙනවා.
ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් විසින් අද දිනය එරට සඳහා ආඩම්බර දිනයක් බව ප්‍රකාශයට පත් කර ඇත.

