සාම සැලසුම බිඳ වට්ටවමින් තායිලන්තයෙන් කාම්බෝජයට ප්‍රහාර

තායිලන්තය විසින් කාම්බෝජයට ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාම්බෝජ හමුදා විසින් තායි සොල්දාදුවෙකු මරා දමා හත් දෙනෙකුට තුවාල සිදු කිරීමට එරෙහිව පලිගැනීමක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ බවයි තායිලන්ත හමුදා සඳහන් කරන්නේ.

එසේම කාම්බෝජය දේශීය වේලාවෙන් අලුයම 3 ට පමණ තායි දේශසීමාව ඉලක්ක කර ගනිමින් බර අවි බලමුලු ගැන්වීම සහ සටන් ඒකක නැවත ස්ථානගත කිරීම ආරම්භ කළ බව තායි හමුදා නිලධාරීන් සඳහන් කරනවා.

කෙසේවෙතත් තායි හමුදා එල්ල කරන මෙම චෝදනා අසත්‍ය බවයි කාම්බෝජයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදන කරන්නේ.

ජූලි මාසයේදී තායිලන්තය සහ කාම්බෝජ අතර ඇති වූ ගැටුම් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් තාවකාලික සමතයකට පත්ව ඇති පසුබිමකයි යලිත් ගැටුම් ආරම්භ වී ඇත්තේ.

මේ වන විට රටවල් දෙකෙහිම ජනතාව දේශසීමා වලින් ඉවත් වෙමින් ආරක්‍ෂිත ස්ථාන කර යමින් පවතින බවයි වාර්තා වෙන්නේ.