ආපදාවට පත් ස්ථාන නැරඹීමට යන්න එපා

ආපදාවට පත් ස්ථාන නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසත් එය ඉතාම අනතුරුදායක බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

ජලය ඉතාමත් සැඩ පහරවල් සහිතව ගලා බැසීම හේතුවෙන් දිය නෑමෙන්, විනෝද වීමෙන් වළකින ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

එසේම ආපදාවට පත් ජනතාවට සහන සැලසීම තවදුරටත් ක්‍රියාත්මක වන අතර යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථනය අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස ද ජනතාවට උපදෙස් ලබා දෙනවා.

එසේම අධික වර්ශාවත් සමග පස සංතෘප්ත වී ඇති නිසා නිරන්තරයෙන් අවදානයෙන් පසුවන ලෙසත්, රතු නිවේදනයක් ලබා දී ඇති සෑම මොහොතකම වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.