2025 වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ඇති තිබෙනවා.
චීන විදේශ විනිමය පරිපාලනය විසින් ඊයේ (07) නිකුත් කළ නවතම දත්තවල මේ බව සඳහන් වනවා.
ඒ අනුව චීනයේ නොවැම්බර් අග වල විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464ක විදෙස් සංචිතයක් පවතින බවයි එහි දක්වන්නේ.
පසුගිය ඔක්තෝබර් මස අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3ක වැඩිවීමක් වීම විශේෂත්වයක්.
2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි සාධක හේතුවෙන් විදේශ විනිමය සංචිතය වර්ධනය වී ඇති බව චීන විදේශ විනිමය පරිපාලනය ප්‍රකාශ කර තිබේ.
චීන ආර්ථිකය සාමාන්‍යයෙන් ස්ථාවර සහ ප්රගතිශීලී සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර, විදේශ විනිමය සංචිතවල මූලික ස්ථාවරත්වයට ද එමගින් මනා සහායක් වී ඇත.

