ජලාශ 71ක් දැනට වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 36ක් ඇතුළු ජලාශ 71ක් මේ වන විට වාන් දමන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම දෙපාර්තමේන්තුව සතු ජලාශවල සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 80ක් පමණ මේ වන විට ගබඩා කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ.

මේ අතර මල්වතුඔය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.