ජාතික ව්‍යසනයෙන් මිදීමට රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක්

හදිසි ආපදා තත්ත්වයත් සමග මතුව ඇති ජාතික ව්‍යසනයෙන් මිදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් රුපියල් බිලියන 50 ක පරිපූර ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඊයේ (04) පස්වරුවේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ ය.

එහි දී බිලියන 20 ක් සංවර්ධන සහන සඳහාත් බිලියන 30 ක් සංවර්ධන සහයන් සඳහාත් වෙන් කිරීමට නියමිතයි.