ගම්පොළ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

දින කිහිපයකට පසු ගම්පොළ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම දුරකථන සන්නිවේදන ජාල කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය.

මේ අතර අපදා තත්ත්වයෙන් පසු සහන කණ්ඩායම් ගම්පොළ නගර වෙත පැමිණ ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

කෙසේ වෙතත් ජලයෙන් යටවී තිබූ ගම්පොළ නගරයේ ජල මට්ටම මේ වන විට සම්පූර්ණයෙන්ම පහළ ගොස් ඇත.