අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද (21) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 304.44 සිට රු. 304.27 දක්වා අඩු වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 312.00 සිට රු. 311.83 දක්වා අඩු වී තිබෙනවා.