බංග්ලාදේශයේ ඩකා අගනුවර එරට වේලාවෙන් අද උදෑසන 10:08ට පමණ ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.
බංග්ලාදේශ අගනුවර අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය ගොස් තිබෙනවා. ඒ අතරගොඩනැගිලි වහලක් සහ බිත්තියක් කඩා වැටීමෙන් තිදෙනෙකු සහ ඩකාහි ගොඩනැගිලි රේල් පීලි මතට වැටීමෙන් පදිකයින් තිදෙනෙකු වනවා.
මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය බංග්ලාදේශයේ ඩකා සිට කිලෝමීටර් 10 ක් නැගෙනහිර-ගිනිකොන දෙසින් පිහිටා ඇති බව ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) පවසනවා.
මෙම භූමිකම්පාවේ බලපෑම ඉන්දියාවේ කොල්කටා සහ නැගෙනහිර ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලට ද දැනුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

