2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදය අද (17) පැවැත්වේ.
අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන මස පස්වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
ඉන් පසුව අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
2026 අයවැය දෙවන වර කියවීම පසුගිය සිකුරාදා වැඩි ඡන්ද 118 කින් සම්මත වුණි.

