ලබන 24 වෙනිදා සිට බස් ගාස්තු කාඩ් එකෙන් ගෙවන ක්‍රමයක්

ලබන නොවැම්බර් 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා .

ඊයේ පැවති අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා .

බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් ව තිබූ අතර එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවයි එහිදී ඔහු පැවසුවේ .

එසේම ඩිජිටල්කරණය හරහා තම රජය මේ වන විට යම් යම් ජයග්‍රහණ ලබා ඇති බවයි එහිදී ඔහු සඳහන් කළේ.

LankaPay හා GovPay හරහා මේ වන විට බිලියන ගණනින් මුදල් හුවමාරු වන බව ද විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.