ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැළකෙන ක්ෂය රෝගය හේතුවෙන් 2024 වසරේදී ද ලොව පුරා පුද්ගලයින් මිලියන 1.23ක පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
කෙසේවෙතත් එම සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව සියයට 3ක අඩු වීමක් වනවා.
පසුගිය වසරේ ලොව පුරා පුද්ගලයින් මිලියන 10.7ක පිරිසක් ක්ෂය රෝගයට ගොදුරු වී ඇති අතර පිරිමි පුද්ගලයින් මිලියන 5.8ක්, කාන්තාවන් මිලියන 3.07ක් සහ ළමුන් මිලියන 1.02ක් ඒ අතර වන බව සඳහන් වේ.
ලොව පුරා වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් ඉන්දියාවෙන් වාර්තා වන අතර ඉන්දුනීසියාව, පිලිපීනය, චීනය සහ පාකිස්තානය යන රටවලින් ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව සඳහන්.
ක්ෂය රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම හා ප්‍රතිකාර සඳහා නිසි අවධානය යොමු නොවීම රෝග ව්‍යාප්තිය ඉහළ යාමට හේතු වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
ක්ෂය රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාව මෙතනින්

