වාහන ආනයන බදු ආදායම අපේක්ෂිත ප්‍රමාණයට වඩා බිලියන 100කින් ඉහළට

වාහන ආනයන බදු ආදායම අපේක්ෂිත ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 100කින් ඉහළ ගොස් ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී  හෙළි වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර තිබෙනවා.

2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ සකස් කළ කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලුනා.

මෙලෙස 2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100 ක වැඩි ආදායමක් උත්පාදනයවීම හේතුවෙන් 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස් කිරීමට පහසුවක් වී ඇති බව  ද සඳහන්.