අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද (12) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 300.50 සිට රුපියල් 300.58 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම, ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අනුපාතය ද රුපියල් 307.96 සිට රුපියල් 308.07 දක්වා ඉහළ ගොස් තිබේ.