ශ්රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය ඊයේ (11) දිනයේදීම පසුකර ගොස් තිබෙනවා.
නිවේදනයක් නිකුත්කරමින් ශ්රී ලංකා රේගුව සඳහන් කර සිටියේ සිටියේ 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රු. බිලියන 2,115ක අගය ඉක්මවා යමින් ඊයේ දිනය වනවිට රු. බිලියන 2117.2ක සීමාවට පැමිණීමට හැකි වූ බවය.

