2026 අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ  සිව් වැනි දිනය අද

2026 අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ  සිව් වැනි දිනය අදයි.

ඊයේ දිනයේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් කිහිප දෙනෙකු මෙවර අයවැය සම්බන්ධයෙන් සිය අදහස් පළ කරන ලදි.

පසුගිය නොවැම්බර් 08 වන දා සිට නොවැම්බර් 14 දක්වා දක්වා දින 6 ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 14 වැනිදා ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.


2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට ‍දෙසැම්බර් 5 දක්වා සෙනසුරාදා දින 3ක්ද ඇතුළුව දින 17ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා ප.ව 6.00ට පැවැත්වේ