අද රුපියල ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (31) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 300.69 සිට රු. 300.61 දක්වා අඩු වී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 308.20 සිට රු. 308.10 දක්වා පහත වැටී තිබේ.