කටුනායක ගුවන්තොටුපොළට අමතර කවුලු 12

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ප්‍රවේශපත් පරික්ෂා කිරීමේ අමතර කවුලු 12 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.
එළඹෙන සීත සෘතුවත් සමග විදෙස් සංචාරක පැමිණීම ඉහළ යාම හේතුවෙන් එම පියවර ගත් බවයි ගුවන්තොටුපළ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසුවේ .