කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු- මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50–60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එහි දැක්වෙන්නේ.
අද (26) පෙ.ව. 08.30 ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (27) පෙ.ව. 08.30 වන තෙක් වලංගු වේ.

