එක්සත් ජනපදයේ තේරීපත්වී සිටින ජනාධිපති ජෝ බයිඩන් තම ප්‍රථම දින 100 තුළදී කොවිඩ් එන්නත් මිලියන 100ක් ලබාදීමට ඉලක්කයක් ලබාදී තිබේ.
තම මුල් මාස කිහිපය තුළදී කොවිඩ් වසංගතය නිමා කිරීමට හැකියාවක් යැයි පවසන බයිඩන් නමුත් කොවිඩ් -19 වසංගතයේ බලපෑම වෙනස් කිරීම තම අභිප්‍රාය බව ඔහු පවසයි.
ජනවාරි 20 වැනිදා පදවි ප්රාප්තියෙන් අනතුරුව තම සමග සේවය කිරීමට තෝරාගත් සෞඛ්‍ය කණ්ඩායම හඳුන්වාදෙමින් බයිඩන් පැවසුවේ අමෙරිකානුවන් “මුඛ ආවරණ පැළඳීම” වැදගත් බවය.
ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත අමෙරිකාව තුළ භාවිතයට අවශ්‍ය අනුමැතිය ගැනීමට කටයුතු ඊයේ (08) ආරම්භ කර තිබේ.
කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් මිලියන 15ක් පමණ එරටින් හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 285,000කි.

