2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සහ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රවල නම්, මාධ්‍ය සහ විෂයයන්හි සංශෝධන සිදු කිරීමට ලබා දී ඇති කාලසීමාව ඔක්තෝබර් මස 31 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි .
එම දිනයෙන් පසු සංශෝධන සඳහා කාලය දීර්ඝ නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට 2025 දෙසැම්බර් මස 05 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්වීමට නියමිතයි.
එසේම සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා දින විභාග මධ්‍යස්ථාන 1665කදී පැවැත්වෙනවා.
එහිදී පාසල් අයදුම්කරුවන් සඳහා අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා වන ප්‍රවේශපත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වන විට අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී ඇති අතර, විදුහල්පතිවරුන් විසින් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂයභාර නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්යක්ෂගෙන් ඒවා භාර ගත යුතු වනවා
එසේම පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
රජයේ පාසල් විදුහල්පතිවරුන් https://onlineexams.gov.lk/eic/ වෙබ් අඩවිය වෙත පිවිස, ඔවුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය (School code & Password) උපයෝගී කරගෙන ගිණුමට පිවිස අදාළ ප්‍රවේශ පත්‍ර සංශෝධනය කළ යුතුවේ.
පෞද්ගලික පාසල් (සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය) https://onlineexams.gov.lk/eic/index.php/clogin/psch වෙබ් අඩවිය වෙත පිවිස, පරිශීලක නාමය හා මුරපදය උපයෝගී කරගෙන අදාළ සංශෝධන සිදු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය හෝ විෂයයන්හි කිසියම් සංශෝධනයක් ඇත්නම්, එම වෙබ් අඩවිය තුළින්ම එය සිදු කළ හැකි බවයි.

