රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.80 සිට රුපියල් 299.81 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 307.14 සිට රුපියල් 307.32 දක්වා ඉහළ ගොස් තිබේ.