ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2025 අගෝස්තු මාසයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.

එසේම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 1911, 0112784208, 0112784537, 0112785922 0112784422 යන දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැක.