දීපාවලි වෙනුවෙන් දෙමළ මාධ්‍ය පාසල් වලට නිවාඩු දිනයක්

දීපාවලි උත්සවය වෙනුවෙන් එළැඹෙන අඟහරුවාදා (21) දින මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත.

කෙසේවෙතත් මෙලෙස නිවාඩු ලබාදෙන සියලුම දෙමළ මාධ්‍ය පාසල් පාසල්වල විදුහල්පතිවරුන්ට එළැඹෙන සෙනසුරාදා (25) පාසල් පවත්වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.