අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක පවුල් 100කට වැඩි පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක පවුල් 100කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

කොළඹ, කළුතර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් 368 දෙනෙකු හදිසි ගංවතුර සහ තද සුළං හේතුවෙන් මෙසේ පීඩාවට පත්ව සිටින බවයි එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නිවාස 17කට පමණ අර්ධ වශයෙන් හානි සිදුවී තිබෙනවා.

බේරුවල, දෙහිවල, බලපිටිය, වීරකැටිය, තිස්සමහාරාමය සහ වලස්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 100කට අධික ප්‍රමාණයක් මෙසේ අවතැන් වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත් වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක.