නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ලබන 18 දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතවයි.
සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

