බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද (15) පස්වරුවේ මි:මී:100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අනෙකුත් බොහෝ ප්‍රදේශවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දිවයින පුරා පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී තවත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැලඹිලි ස්වභාවය මෙම වැසි සහිත කාලගුණ තත්ත්වයට හේතු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
.

