බිලියනපති Elon Musk ගේ SpaceX සමාගමේ SpaceX Starship සිය එකොලොස්වන පරීක්ෂණ පියාසැරිය (test flight) සාර්ථකව සම්පූර්ණ කර තිබෙනවා.
ඒ Texas හි පිහිටි දියත් කිරීමේ මධ්‍යස්ථානයක දී.
සඳ සහ අඟහරු මෙහෙයුම් සඳහා වැඩි විශේෂාංග සහිත මෙම යෝධ රොකට්ටුවේ නව අනුවාදයක් අත්හදා බැලීම ආරම්භ කිරීමට පෙර සිදු වූ අවසාන පරීක්ෂණ පියාසැරිය මෙය වන බව සඳහන්.
වැඩබලන නාසා පරිපාලක ෂෝන් ඩෆි X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පැවසුවේ මෙම මෙහෙයුම “ඇමරිකානුවන් චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවයට ගොඩබෑම සඳහා තවත් ප්‍රධාන පියවරක්” බවයි.

