ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියල්ල යළි ඊශ්‍රායලට, යුද්ධය අවසන් බව ට්‍රම්ප් කියයි

හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටි ජීවතුන් අතර සිටි අවසන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා ද නිදහස් කර තිබෙනවා.

එසේම ඊශ්‍රායලය විසින් ද පලස්තීන රැඳවියන්ව පලස්තීනය වෙත පිටත් කර තිබෙනවා.

මේ අනුව මැද පෙරදිග උඩු යටිකුරු කළ වසර දෙකක දිගු යුද්ධය අවසන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටිනවා.

“අහස සන්සුන්ය, තුවක්කු නිහඬය, සයිරන් හඬ නිශ්චලයි, අවසානයේ සාමයට පත් වූ ශුද්ධ භූමියක හිරු උදාවෙයි,” ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන නෙසෙට් අමතමින් සඳහන් කළා.

ට්‍රම්ප් ඊජිප්තුවේ මුස්ලිම් සහ යුරෝපීය නායකයින් කැඳවා ගාසා තීරයේ අනාගතය සහ පුළුල් කලාපීය සාමයක් සඳහා ඇති හැකියාව පිළිබඳව සාකච්ඡාවක ද නිරත වූවා.

මෙම සාකච්ඡාව සඳහා හමාස් සංවිධානය සහභාගී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.