Windows 10 භාවිතා කරන පරිගණක අවදානමක

Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා ලබා දුන් ආරක්ෂක යාවත්කාලීන කිරීම අදින් අවසන් කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කරනවා.
ඒ අනුව අද සිට Windows 10 පරිගණකවලට security updates, bug fixes, or තාක්ෂණික සහාය ලබා නොදෙන අතර මේ හේතුවෙන් එම පරිගණක වල ආරක්ෂාව අවදානමකට ලක්විය හැකියි.
 
මේ වනවිට මයික්‍රොසොෆ්ට් සමාගම Windows 11 පරිගණක නොමිලේ අප්ඩේට් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.
කෙසේවෙතත් update කිරීමට නොහැකි අය සඳහා මුදල් ගෙවා භාවිතා කළ හැකි විස්තීර්ණ ආරක්ෂක යාවත්කාලීන වැඩසටහනක් (Extended Security Updates program) ක් හඳුන්වා දී තිබෙනවා.
ලෝකයේ බිලියන 1.4කට අධික උපාංග ප්‍රමාණයක් Windows භාවිත කරන අතර ඉන් 43%ක් තවමත් Windows 10 භාවිතා කරන පුද්ගලයින් බව සඳහන්.
Windows 10, 2015 වසරේ එළි දක්වනු ලැබුවා.