මොරගහකන්ද ජලාශය ආශ්‍රයෙන් ගුවන් යානා නාශක අවි උණ්ඩ 2ක් ඇතුළුව උණ්ඩ 1163ක් සොයා ගැනේ

මොරගහකන්ද ජලාශය ආශ්‍රිත මෙහෙයුමකදී ගුවන් යානා නාශක අවි උණ්ඩ දෙකක් ඇතුළුව උණ්ඩ 1163 ක් සොයා ගෙන තිබෙනවා.
එසේම T 56 ගිනි අවි සදහා භාවිතා කරන උණ්ඩ 895 ක්, මිලි මීටර් 71 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 116 ක්, මිලිමීටර් 41 වර්ගයේ ගිනි අවි උණ්ඩ 10 ක්, මිලිමීටර් 78 වර්ගයේ ගිනි අවි උණ්ඩ 2 ක්, මිලිමීටර් 84.5 වර්ගයේ ගිනි අවි උණ්ඩ 4 ක්, GMPG උණ්ඩ 134 ක් සොයා ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
 
එම මෙහෙයුමේදී ගුවන් යානා නාශක අවි උණ්ඩ 2 ක්ද සොයා ගෙන තිබෙනවා.
අදාළ උණ්ඩ තොගය කවුරුන් හෝ විසින් මෙම ස්ථානයේ සඟවා තැබුවා ද යන්න පිළිබඳව සොයා විමර්ශන පොලීසිය ක්‍රියාත්මක කර තිබෙනවා.
එසේම මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසළ අද දිනයේ ද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩිදුරත් සඳහන් කළේ .