ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය අද

ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය අදට (13) යෙදී තිබෙනවා.

අවදානම් පිළිබඳ දැනුවත්භාවය සහ ආපදා අවම කිරීමේ ගෝලීය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙම දිනය වෙන් කර තිබෙනවා.

“සාමුහිකත්වය තුළින් පමණක් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි” , යන්න මෙවර තේමාව වී තිබෙනවා.

ලොව පුරා ජනතාව සහ ප්‍රජාවන් ආපදාවලට නිරාවරණය වීම අඩු කරන්නේ කෙසේද යන්න මෙහි දී අවධානය යොමු කරනු ලබනවා.

වර්ෂ 2030 වන විට දේශගුණික විපර්යාස සහ ව්‍යසනවල බලපෑම් හේතුවෙන් ලෝකයේ ජීවත්වන මිලියන 37.6ක ජනතාවක් අන්ත දරිද්‍රතාවයට පත්වනු ඇති බව ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාල පවසනවා.

එසේම වසර 2030 වන විට වසරකට ආපදා 560කට පමණ ලෝකයේ රටවල් මුහුණ දෙනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.