හමාස් සහ ඊශ්‍රායලය අතර වූ සාම ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමඟ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම සාම ගිවිසුමට අනුව ඊශ්‍රායල හමුදා විසිත් පොරොන්දු වූ රේඛාවක් දක්වා පැය 24ක් තුළ දී ඉවත් විය යුතු වනවා.
එසේම මෙලෙස ඉවත් වූ පසු පැය 72ක් තුළ දී හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියල්ල නිදහස් කළ යුතු වනවා.
ඊශ්‍රායලය විසින් රඳවා ගෙන සිටින පලස්තීන ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නේ ඉන් අනතුරුවයි.
එසේම ගාසා තීරයේ මිලියන දෙකක ජනතාවට උපකාර කිරීම සඳහා ආධාර ට්‍රක් රථ ද ගාසා තීරය ට පැමිණීම අපේක්ෂිතයි.

