ගාසා සාම ගිවිසුමේ පළමු අදියරයට දෙපාර්ශවයම එකඟ වෙයි

ගාසා සාම ගිවිසුමේ පළමු අදියරට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය යන දෙපාර්ශවයම එකඟ වී ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

ඒ අනුව සියලුම ප්‍රාණ ඇපකරුවන් ඉතා ඉක්මනින් නිදහස් කරනු ඇත.

එසේම ඊශ්‍රායලය එකඟ වූ රේඛාවක් දක්වා ඊශ්‍රායල හමුදාව ගාසා තීරයෙන් ද ඉවත් කර ගනු ඇති බවයි ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වල සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

හමාස් විසින් ද මෙම සාම ගිවිසුම තහවුරු කර තිබෙනවා.

කෙසේවෙතත් තවමත් ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් අක්ර් නොමැති බවයි පලස්තීන මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සාම ගිවිසුම ඊශ්‍රායල රජය විසින් රැස්වී අනුමත කළ වහාම ක්‍රියාත්මක වීමට නියමිතයි.