ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 298.74 සිට රුපියල් 298.78 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 306.23 සිට රුපියල් 306.29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

