2020 වසරට සාපේක්ෂව පසුගිය වසරේ මෙරට උපත් සංඛ්‍යාව 80,945 කින් අඩුවී ඇති බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
කොවිඩ් වසංගතය ඇතුළු විවිධ හේතු මත ඇතිවූ අර්බුදකාරී ආර්ථික වාතාවරණය උපත් ප්‍රමාණය ස්වයං පාලනයකට නතු කිරීමට හේතුවී ඇති බවයි අදාළ අංශ පෙන්වා දෙන්නේ.
පසුගිය වසරේ වැඩිම උපත් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර අවම උපත් සංඛ්‍යාව වන 846 මුලතිව් ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.
2020 වසරේ මෙරට උපත් සංඛ්‍යාව 301,706 ක් වන අතර ඉකුත් වසරේ උපත් සංඛ්‍යාව දැක්වෙන්නේ 220,761ක් ලෙසයි.
මේ අතර 2021 වසරේ සිට 2024 වසර දක්වා මරණ සංඛ්‍යාව ද සැලකිය යුතු පරිදි වැඩිවී ඇති බවයි රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

