ආදරය කරද්දී කවදාවත් මේ දේවල් කරන්න එපා

ආදරය සුන්දර වරදකි කියනවා නේ,

කොහොම වුණත් ආදරය කරන ඔයා කරන්න හොදම නැති දේවල් ටිකක් තමයි මේ. මොකද මේ දේවල් වලින් ඔයාලා දෙන්න අතර තියෙන බැඳීමට හානි වෙලා දෙන්නා දුරස් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් කල් සතුටින් ආදරෙන් ඉන්න ඕනේ නම් මේ වැරදි නම් කරන්න එපා ඔන්න.

සැක කරන්න එපා

අද ගොඩක් ආදර කතා වලට කණකොකා අඬන්න පටන් ගන්නේ මෙන්න මෙතැනින්. එක පාරක් මේ සැකය කියන එක ඔයාල දෙන්නා අතරට ආවොත් අපි හැම දේම කරන්නේ කියන්නේ සැකය මත පදනම් වෙලා වෙනවා. එයා මොනවා කළත් අපි බලන්නේ වැරදි විදිහට වෙනවා.

උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ඔහු හෝ ඇය නැදෑයෙක් එක්ක, යාළුවෙක් එක්ක එහෙමත් නැති නම් ඔෆිස් එකේ කෙනෙක් එක්ක වැදගත් දෙයක් සම්බන්ධයෙන් කතා කරනවා කියලා දුරකථනයෙන්. මේ වගේ වේලාවට ඔයා ඔහු හෝ ඇය දිහා සැකයෙන් බලලා කාටද කතා කළේ? කවුද කතා කළේ? මොකදට කතා කළේ? වගේ ප්‍රශ්ණ කෝටියක් ඔහුගෙන් හෝ ඇයගෙන් අහන පුරුද්ද කවදාවත් ඔයා ළඟ තියා ගන්න එපා. මොකද එතකොට ඒ කෙනා තුළ ඔයාට තියෙන ගෞරවය, ආදරය සහ විශ්වාසය ටික ටික අඩු වෙලා යන්න පුළුවන්.

ඒ වගේම තමයි අනෙකාට සැක හිතෙන දේවල් කරන්න යන්නත් එපාම පුළුවන් තරම් දෙන්නට දෙන්නා open වෙන්න. මොකද ඔයාලට එකිනෙකා අතර හුවමාරු කරගන්න බැරි තරම් දේවල් නැතිම තරම් නේ. ඒ නිසා යන්නේ කොහෙද ඉන්නේ කවුද කියන එක ගැන update එකක් දෙන්න. දෙදෙනා අතර විනිවිද භාවයක් තියා ගන්න තරමට මේ සැකය කියන එක නැති වෙනවා.

අනවශ්‍ය විදිහට ප්‍රශ්න කරන්න එපා

අද ආදරය කරන පෙම්වතුන් වගේම විවාහ වෙලා ඉන්න අඹුසැමියන් අතරත් ගැටුම් ඇති වෙන ප්‍රබල කරුණක් තමයි අනවශ්‍ය විදිහට ප්‍රශ්ණ කිරීම. ඔයා මෙහෙම හිතන්නකෝ. ඔහු හෝ ඇය රැකියාවකට ගිහින් ගෙදර එන්න පොඩ්ඩක් විතර පරක්කු වෙනවා කියලා. ඉතිං ගෙදර ආව ගමන් ගෙට ගොඩ වෙන්නත් කලින් අහන්නේ ඇයි පරක්කු? ඔෆිස් එකෙන් කීයටද ආවේ? අද එච්චර වැඩද? වගේ දේවල්. මහන්සි වෙලා ගෙරට එන කෙනෙක්ගෙන් වගේ ප්‍රශ්ණ අහනකොට කෙන්නි එන එකත් ටිකක් සාධරණයිනේ.

ඉතිං මුලින්ම ඔහු හෝ ඇය ඉන්න තත්ත්වය ගැන හිතන්න. සමහරවිට ඔයා ප්‍රශ්ණ කරන්න කලින් ඔහු හෝ ඇය හේතු ඔයාට පැහැදිළි කරයි. ගෙදර පරිසරය සාමකාමී නොවුණොත් ඉන් එහාට ඔයාගේ ආදර කතාව ඒ නිවස ඇතුළේ රැක ගන්න ටික්ක අසීරුයි.

පුළුවන් තරම් මනස සන්සුන් වෙලා එයාත් එක්ක කතා කරන්න . දෙන්නෙම තරහින් නම් ඉන්නේ ඒ වෙලාව යමක් කතා බහ කරන්න හොඳ සුදුසු වෙලාවක් නෙමෙයි කියන එක තේරුම් ගන්න.

සීමාවන් තියා ගන්න

ඉස්සරට වඩා අද කාලය ටිකක් වෙනස් නේ. ගොඩක් වෙලාවට අපි ජංගම දුරකථනයත් එක්ක ඉන්න නිසා අපි කරන්නේ පුළුවන් හැමවෙලේම අනෙක් කෙනාට මැසේජ් කරන එක කෝල් ගන්න එක. දැන් නම් කට්ටිය හෝ ගාල reels එහෙමත් යවනවා. සමහර අය මෙහෙම මැසේජ් එක සැරේ ගොඩක් දාලා පස්සේ විනාඩියකින් කෝල් එකකුත් අරන් කියනවා මැසේජ් ටික බලන්න කියලා. ඉතින් ඇත්තටම මෙහෙම කරනකොට අනෙක් කෙනාට අපිව දැනෙන්නේ වදයක් වගේ. එයාට එතකොට අපිව එපා වෙන්න ගන්නවා, මොකද එයාට කියලත් වෙනම යාළුවො ඉන්නවා, පවුලේ අය ඉන්නවා නේ. ඒ නිසා කරදයක් වෙන්න යන්න එපා ඕනෙවට වඩා.

ඒ වගේම තමයි ඔයා මොකක් හරි වැඩක නම් ඉන්නේ ඒ ගැන පොඩි update එකක් partner ට දෙන්න. උදාහරණයක් විදිහට “මම බිසී, මේ වැඩේ තියෙනව මෙන්න මේ වෙලාවේ ඉදන් මේ වෙලාව වෙනකම්, මම ඉවර වෙලා කෝල් එකක් ගන්නම්”, මෙහෙම කියන්න.

විශේෂ අවස්ථා මිස් කරන්න එපා

සමාන්‍යයෙන් පෙම්වතුන් විදිහට ආදරය කරන කාලේදී වගේම විවාහ වුණාටත් පස්සේ ඔයාලා දෙන්නාගේම ජීවිතයේ තියෙන සුවිශේෂි අවස්ථා සුළු වශයෙන් හෝ සැමරීම ඉතාමත් වටිනවා. පිටතට නම් පේන්නේ මේ වගේ දේවල් තමන්ගේ ජීවිතයට වැදගත් නෑ කියලා තමයි. ඒත් ඔයා නොදන්නවා වුණාට හිත යටින් ආදරය කරන අය මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතිං ඔයාට පුළුවන් විදිහට දෙන්නා එකතු වෙලා සුවිශේෂි අවස්ථා සමරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඒ විශේෂ දවස්වලට පුළුවන් තරම් අනෙක් අත්‍යවශ්‍ය නැති වැඩ යොදා ගන්නත් එපා. ඒ දවස එකිනෙකා වෙනුවෙන් වෙන් කරලා තියා ගන්න.

අනෙකාට සවන් දෙන්න

ආදර කතාවක් පවතින්න නම් එකිනෙකාට ඇහුම්කන් දෙන එක හරිම වැදගත්. මේ කාරණය විවාහ ජීවිතයට තමයි අතිශය වැදගත් වෙන්නේ. ඔයා මෙහෙම හිතන්නකෝ ඔයාගේ ගෙදර විවිධ ගැටළු, ප්‍රශ්ණ තියෙන්න පුළුවන්. ඔයා කතාවටත් අහලා ඇතිනේ ගෙදර ප්‍රශ්න ගේ ඇතුළේම විසඳගන්න ඕන කියලා. ඔයා ඔහුට හෝ ඇයට ඇහුම්කන් දුන්නේ නැති වුණොත් ඔයාටත් නොදැනීම ගෙදර ප්‍රශ්ණ පිටට යාවී. මෙහෙම හිතන්නකෝ ඔයාගේ බිරිඳට කුමන ආකාරයේ හෝ ප්‍රශ්ණයක් තියෙනවා කියලා. සහකරුවා මේ ප්‍රශ්ණයට සංවේදී නොවුණොත් ඇය මේ ප්‍රශ්ණය තමන්ගේ නැදැයින්ට හිත මිතුරන්ට කියලා ඒ වෙනුවෙන් පිළිතුරු හොයන්න පෙළඹෙන්න පුළුවන්. ඉතිං හොඳම දේ වෙන්නේ එකිනෙකාට සවන් දීමයි.

ගොඩක් වෙලාවට ගැහැණු අයට ඕනේ තමන් කියන දේ අහන් ඉන්න මිසක් ඒකට විසඳුමක් දෙන්න නෙමෙයි. ඉතින් කොච්චරවත් කියවනවා කියලා ඔයාගේ වයිෆ්ට පෙම්වතියට බනින්නේ නැතුව එයා කියන එක අහන් ඉන්න. ඒ වගේම තමයි ඒ කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න.