ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (ඔක්. 01) යෙදී තිබෙනවා.
මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ “ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට” යන්නයි.
එසේම වැඩිහිටි දිනයේ තේමාව වන්නේ “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” යන්නයි.
ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ළමයින් යනු රටේ අනාගතයයි. ඔවුන් සඳහා සුරක්ෂිත වර්තමානයක් සහ තිරසාර අනාගතයක් ගොඩනැගීම අපි සැමගේ වගකීමයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර ළමා දිනය නොවැම්බර් 20 වන දින සමරන නමුත් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ඔක්තෝම්බර් පළමුවැනි දින ළමා දිනය ලෙස සමරනු ලබනවා.
මේ අතර 1990 දෙසැම්බර් 14 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඔක්තෝම්බර් පළමුවැනි දින ලෝක වැඩිහිටි දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, පළමුවරට 1991 ඔක්තෝබර් 01 දින එය සමරන ලදී.

