පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් වෙනස් වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.86 සිට රු. 298.76 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 306.11 සිට රු. 306.29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

