හෙට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් වර්ජනයක

හෙට (30) වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පැමිණෙන බවයි එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා අද (29) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ.

ආණ්ඩුව බලයට පත්වී වසරක කාලයක් ගතවී ඇති නමුත් තවමත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇති අර්බුදවලට විසඳුමක් ලැබී නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එසේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය මේ වනවිට බරපතළ තත්ත්වයක පවතින බවත්, පසුගිය වසර තුළ පමණක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්යවරු 200ක පමණ පිරිසක් පිටවී ගොස් ඇතැයිද ඉලංගසිංහ මහතා පැවසුවා.