මෙම මාසයේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයන් 126,379දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
ඒ අනුව ඉන්දියාවෙන් පැමිණි පිරිස 37,179ක් ලෙස සටහන් වෙනවා.
මීට අමතරව බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය හා ස්පාඤ්ඤය යන රටවලින් ද සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇති බව සඳහන්.
මේ සමඟ වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 1,692,902ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

