ප්‍රංශයේ හිටපු ජනපති Nicolas Sarkozy ට වසර පහක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීති විරෝධී අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවකදී අපරාධ කුමන්ත්‍රණයකට වරදකරු වීම හේතුවෙනුයි.
එම පැමිණිල්ලේ දැක්වෙන්නේ මෙම මුදල් වලට හුවමාරු ලෙස බටහිර රටවල් සමඟ ගඩාෆිගේ කීර්ති නාමයට එරෙහිව සටන් කිරීමට උදව් කිරීමට සාකෝසි පොරොන්දු වූ බවයි.
එසේම ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මූල්‍ය ආධාර ලබා ගැනීමේ අරමුණින් සමීප සහායකයින්ට ලිබියානු නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට සාකෝසි අවසර දී ඇති බවයි විනිසුරු නතාලි ගවරිනෝ පැවසුවේ.
කෙසේවෙතත් අක්‍රීය දූෂණය සහ නීති විරෝධී මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා මූල්‍යකරණය ඇතුළු අනෙකුත් සියලු චෝදනාවලින් පැරිස් අපරාධ අධිකරණය ඔහුව නිදහස් කර තිබෙනවා.
Nicolas Sarkozy, 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපති ධුරය හොබවනු ලැබුවා.

