ඉන්දියාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට, ලංකාවේ බලාපොරොත්තු බිඳී යයි

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කික් පරාජය කරමිනුයි.

සුපිරි 4 වටයේ ඊයේ (24) රාත්‍රියේ පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායම ලකුණු 169ක් රැස් කළ අතර පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 127ක් පමණි.

ඉන්දියාවේ මෙම ජයග්‍රහණයත් සමඟ නොනිල ලෙස තරගාවලියෙන් ඉවතට විසිව සිටි ශ්‍රී ලංකාව නිල වශයෙන්ම ඉවත් වුණා.

සුපිරි 4 වටයේ තරග අවසන් කරමින් බංග්ලාදේශ – පාකිස්තානය තරගය හෙට (25) පැවැත්වේ.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිය.